ඔස්ට්‍රේලියාවේ ලාංකිකයන් රැගෙන ඒමට ශ්‍රී ලන්කන් යානයක් යයි


කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සඳහා අද (09දා)  උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් මෙල්බර්න් බලා පිටත්ව ගොස් තිබේ. 

 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන එම විශේෂ ගුවන් යානය 5/09 දින උදෑසන 7.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම ගුවන් යානය මගින් යළි මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් පිරිස පිළිබඳව නිවැරදි සංඛ්‍යා දත්ත මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොමැත .

මෙම ගුවන් යානය 5/10 දින අලුයම 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය


Recommended Articles